Thursday, March 22, 2018

සෝමාවතියෙන් විශ්මිත අශ්ව පෙලහරක්


සෝමාවතියෙන් විශ්මිත අශ්ව පෙලහරක්

ගෞතම බුදුන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය අසලින් අසිරිමත් අශ්ව පෙළක් දර්ෂණය වී තිබෙනවා.

පසුගිය වෙසක් පෝදා රාත්‍රියේ චතුමධුර ගිලන්පස බුද්ධ පූජාමය පින්කම සහ කප්රුක් පූජාව පවත්වන මොහාතේ එම අසිරිමත් දර්ෂණය එහි සිටි තරුණියකගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

එම ඡායාරූපවල සටහන් වන ආකාරයට එය චාරිත්‍රානුකූලව දිනපතා නුවර දළදා මාලිගාවේ පූජාවට දෙවියන් විසින් වැඩම කරවාගෙන යන සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩහිඳින කරඬුව රාත්‍රී 8.10 ට ආපසු සෝමාවතී චෛත්‍ය කරා අහසින් වැඩම කරවන ආකරය පිළිබිඹු වෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ සිට එහි පැමිණි ඒ.ජී.සුමනවංශ මහතාගේ දියණියන් දෙදෙනාගේ කැමරාවල මෙම විශ්මිත දර්ෂණය සටහන්වී තිබුනා.

කෙසේ වෙතත් සෝමාවතී රජමහා විහාරයේ විහාරාධිපති පමුනේ සුමංගල හිමියන් පවසා සිටින්නේ අශ්වයන් හය දෙනෙකු පමණ එම ස්ථානයේ පෙරහැරකින් ගමන් කිරීම සෝමාවතියේ සිදුවන ආශ්චර්යයන් අතරට එක්වන නවතම ආශ්චර්යය බවයි.


0 comments