Saturday, February 10, 2018

ඡන්ද පැරදුනාට බිරිඳ එක්ක රණ්ඩු උනු සැමියව ගෙදරිනුත් පන්නයි


ඡන්ද පැරදුනාට බිරිඳ එක්ක රණ්ඩු උනු සැමියව ගෙදරිනුත් පන්නයි


පලාත් පාලන ආයතන 340ක් සඳහා ඊයේ පැවැති ඡන්ද විමසීමත් සමග පොහොට්ටුවට විශිෂ්ඨ ජයක් ලැබී තිබෙනවා. ප්‍රතිඵල එසේ වෙද්දි මැතිවරණයත් සමගින් ලංකාව පුරා විවිධ සිදුවීම් ප්‍රතිඵලත් සමග සිදුව ඇත. මේද ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග සිදු උනු සිදුවීමක්.

ඔහු ගම්පහ ප්‍රදේශයේ ජීවත්වුනු වෙළදසැල් හිමියෙකු උනු අතර ජීවත් උනේ බිරිදගේ මහ ගෙදරයි. උස් මහත් උනු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් උනු ඔහු නමින් රත්නසිරි සිරිසේන විය. කොළ පාටටට හුරු පක්ෂයට බෙහෙවින් අලුම් කල ඔහු ඡන්දයක් ලංවෙද්දි මධුවිතින් සප්පායම් වී ඡන්ද ප්‍රතිඵල රෑ එලිවෙනතුරු බැලීම සාමාන්‍ය දෙයකි.

තමන්ගේ පක්ෂය ඡන්දයකින් දිනුවහොත් ඔහුගේ වෙළදසැලේ සේවකයන්ටද රජ මගුල්ය. කෑම බීම දින දෙකක්වත් නොමිලේ ඔවුන් ලැබෙන අතර ගෙදරද උත්සව සිරියක් ගනු ලබයි. නමුත් ඡන්දයක් පැරදුනහොත් දින දෙක තුනක් වෙළදසලද වසන අතර ගෙදරද එකම යුද පිටියකි.

කෙසේ වෙතත් ඊයේ පැවති මැතිවරණ ප්‍රතිඵලත් සමග හොදින් මධුවිතින් සප්පායම්ව සිටි මොහු තමා පෙම් බැදි පක්ෂය පරාද වීමත් සමග කුපිත වී ඇති අතර බිරිඳ වෙනත් පක්ෂයකට ඡන්දය දුන් බව පවසමින් රණ්ඩුවී ඇත. රණ්ඩුව දුර දිග යෑමත් සමග බිරිඳ හා ඇගේ සොහොයුරන් එක්කව මොහුට පහර දී නිවසිනුත් පිටමං කර ඇත්තේ ඡන්ද උනු බැස්ස පසු නැවත නිවසට එන ලෙස බැනවදිමිනි.

0 comments