Wednesday, February 14, 2018

තුන්මාසයක් රෝද පුටුවේ සිටි සුජීවා පිරිත් බලයෙන් නැගිට ගොස් බුදුන් වදී


වස 2014 ජනවාරි මස 12 වනදාය. අලූත් දවසක් අරඹන්නට සූදානම්ය. වෙලාව අලූයම 5.30ට පමණ ඇත. මෛත‍්‍රී සෙවණ ආරාමයේ පිරිස උදෑසන කිරි ආහාර පූජාව තබන්නට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ. ආරාමයේ ගේට්ටුවට කවුරුන් හෝ තට්ටු කරනු ඇසිණ.දවස 2014 ජනවාරි මස 12 වනදාය. අලූත් දවසක් අරඹන්නට සූදානම්ය. වෙලාව අලූයම 5.30ට පමණ ඇත. මෛත‍්‍රී සෙවණ ආරාමයේ පිරිස උදෑසන කිරි ආහාර පූජාව තබන්නට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ. ආරාමයේ ගේට්ටුවට කවුරුන් හෝ තට්ටු කරනු ඇසිණ.උපාසක මහත්මයෙක් ගේට්ටුව විවෘත කර බලන විට රෝද පුටුවක් මත කාන්තාවක් තබාගෙන පැමිණි පිරිසක් දක්නට ලැබිණ. පෙර දින සවස සිටි එළිවෙන තෙක් රෝගින් වෙනුවෙන් වැඩ කර වෙහෙසව සිටි මෑණියන් විවේක සුවයෙන් පසුවෙමින් සිටියේය.
”මෑණියනි උදයෙන්ම ලෙඩෙක් අරන් ඇවිල්ලා..මොකද කරන්නෙ..” උපාසක මහතා ඇසුවේය. ”ඇතුළට ඇවිල්ලා වාඩිවෙන්න කියන්න මම එන්නම්..” මෑණියන් කීවාය.

රෝගියා සමග පැමිණි අය පිටව ගොස් නැවත පැමිණියේ දහවල් බුද්ධ පූජාවට අවශ්‍ය කළමනාද රැුගෙනය. ඔවුන් සියල්ල කළේ ඉතාම ශ‍්‍රද්ධාවෙන්ය.සාමාන්‍යයෙන් රෝගීන් බැලීම සඳහා මෑණියන් පැමිණෙන්නේ දහවල් බුද්ධ පූජාව තැබීමෙන් පසුවය. නමුත් මෙදින නවයයි හතළිස් පහ පමණ වෙද්දි මෑණියන් පැමිණියාය. ධර්ම ශාලාවේ බොහොම අමාරුවෙන් රෝදපුටුවට වී සිටි කාන්තාව සිටින අන්දම මෑණියන් දුටුවේය.

වයස අවුරුදු 40ක පමණ පෙනුමැති ඇය ළඟට ගිය මෑණියන් ඇයගේ හිස අතගා ”මොකද පුතේ ..” කියා විමසුවාය. එවිටම මේ කාන්තාව අඬන්නටත් ගැහෙන්නටත් පටන් ගත්තාය.”පුතේ මේ දරුවා විහාර ගෙට අරන් වරෙල්ලා ..” මෑණියන් කිවාය. තවමත් බුදුගෙයි කටයුතු සකස් වී නැති නිසා එ් බැව් උපාසක මහතෙක් දැන්නුවේය.

”කමක් නැහැ පුතේ දෙහි ගෙඩි කිපයකුයි පිරිත් නූලූයි අරන් වරෙල්ලා..” මෑණියන් කීවාය. දෙදෙනකු විසින් ඔසවාගෙන ආ කාන්තාව මෑණියන් ඉදිරියේ වාඩිකරවූයේය. ඇය සිටින්නෙ ගැහෙමින්ය. මෑණියන් තෙරුවන් ගුණ සිහි කරමින් රෝගියාගේ හිස මත මෑණියන්ගේ අත තැබුවාය. හිසමත තබා ගාථා කියා දෙහි ගෙඩි කපා පිරිත් නූල බැන්දේය.

”හා දැන් පුතේ නැගිටිමු බලන්න..” මෑණියන් කීවාය. ඇය වටපිට බැලූවේ තුන්මාසයක් රෝදපුටුවේ සිටි මටද මේ කියන්නේ කියාය.”නැගිටින්න පුතේ..නැගිටින්න..” නැවත මෑණියන් කීවේය. මෑණියන්ගේ බලකිරීම නිසා ඇය නැගිටින්නට වෙර දැරුවාය. ඇය සිටගත්තාය. සියල්ලෝම දෑස් අයා සිටින්නේ විශ්මයෙන්ය.

”දැන් යන්න අර ෙදාර ළඟට ඇවිදගෙන..” කියා අඩි කිහිපයක් ගිය පසු ඇයගේ අතින් අල්ලා ගත් මෑණියන් ඇයව බුදු ගෙයින් එළියට පා ගමනින් රැුගෙන එද්දී අවට සිටි අයද සිටියේ විශ්මිතවය.ආරාමයේ චෛත්‍යරාජයා පිහිටා ඇත්තේ අඩි 15ක් පමණ උසින් වූ තැනෙකය. එයට ගොඩවීමට ඇත්තේ පඩි පෙළකි. එය රෝගියෙකුට තබා නිරෝගියෙකුටවත් නැග ගැනීම පහසු නැත.
”මගෙ පුතා දැන් පඩිටික නැගලා බෝධීන් වහන්සේ වඳින්නකො..” මෑණියන් අර කාන්තාවට කීවේය. දැක පුරුදු අයට පුදුමයක් නොවුණත් මෙය අලූතින් පැමිණ සිටි අයට නම් විශ්මිත හාස්කමක්ම විය. කාන්තාවගේ සැමියා සිටියේ නෙත් අදහාගත නොහැකිවය. ඔහුගේ දෑසින් කඳුළු ගලන්නට ගත්තේය. සතුට නිම් හිම් නැත.

”පුතේ මෙන්න පුතේ අම්මා ඇවිදිනවා..මෙන්න අම්මා නැගිටලා යනවා..” ඔහු තම පුතුනට හඬගා කීවේය. දරුවන් තිදෙනා තම අම්මා බලන්නට දිව ආහ. අම්මා පඩිපෙළ බැස එන අන්දම දුටු ඔවුන්ගේ දෑස් ක`දුළින් පිරෙනු කවුරුත් දුටුවේය. ඇත්තෙන්ම එය දුටු කාටත් සතුටු කඳුළු ඉනූහ. කාන්තාව නැවතත් පඩිපෙළ නැග බෝධිය අසලට ගියාය. ඇය සිහිනයක් දකිනවා යැයි සිතන්නට ඇත. ඇය ෙදාහොත් මුදුන් දී බෝධිය වඳිමින් දෙපා ඔසවා තබා යන්නීය. අනතුරව ඇය බුද්ධ පූජාවට සහභාගි වූවාය.ඇයගේ ස්වාමියා වන සුරේන්ද්‍ර මහතා දැන් සිටින්නේ හද පිරි සතුටිනි. ඔහු සිය හඬ අවදි කරයි.

”මට තාම අදහන්න බැහැ මේ ප‍්‍රාතිහාර්යය..මම මගේ දරුවො ජීවත් කරවන්නෙ වඩු වැඩ කරලා..ලොකු පුතා මේ පාර උසස් පෙළ විභාගයට ලියනවා..අනිත් තුන්දෙනත් ඉගෙන ගන්නවා තාම.. දැරුවො නිසා එයා හිටියෙ හරිම දුකෙන්.. අපි ගිහින් ෙදාස්තරලාට පෙන්නුවා.. පුංචි හරි බර වැඩක් කරන්න දෙන්න එපා කිව්වා.. හොඳ කරන්න අමාරුයි කිව්වා.. ලක්ෂ තුන හමාරක් විතර යනවා කිව්වා වෙදකමට.. අපිට එක පාරට එ් තරම් මුදගලක් හොයාගන්න බැහැ.. අපි හිතුවා තැන් තැන්වල ගිහිින් මේ කතාව කියලා සල්ලි හොයාගන්න.. එතකොට තමයි ළඟ ගෙදරක නංගි කෙනෙක් රිවිර මියුලැසි පත්තර කෑල්ල ගෙනත් දුන්නේ.. අපිත් තීරණය කළා මෙතෙන්ට යන්න  ඕනෙ කියලා.. මෑණියන්ට බුදුබව අත්වෙනවා මේ කරපු උතුම් පින්කමට.. අපිට ලොකු නිදහසක් අරන් දුන්නේ.” ඔහු ෙදාහොත් මුදන් දී මෑණියන්ව පෙන්වමින් කීවේය.

මේ සමගම මා මේ රෝගී අයගේ වැඩිමහල් දියණිය සමගද කතා කළෙමි.”මම මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා.. එතකොට අම්මා හිටියෙ කොළඹ ජාතික රෝහලේ්.. මම තමයි අම්මා ළඟ හිටියේ.. මම පාඩම් කළේ.. අම්මා ගාව ඉ`දමින්.. මම හිතුවෙ නැහැ මේ වාගේ දෙයක් වෙයි කියලා.. මට අදහන්න බැහැ අම්මා දෙපයින් යනකොට..” ඇය සිය දෑස්වල කඳුළු පිසිමින් කියන්නීය.

රෝගිව පැමිණි සුජීවා නිශාන්ති ඇයගේම දෝතින් පැමිණ සිටින අයට බිස්කට් බෙදන්නීය. ඇය දැන් සිටින්නේ පුදුමාකාර සතුටකිනි. අනතුරුව බුද්ධ පූජාව පූජාකර පින් සිරිත් කළාය.”ධම්මෝ හවේ රක්ඛති ධමමචාරි” ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රක්ෂා කරති යන්නට තවත් එක් උදාහරණයක් මෙසේ අප ඇස් ඉදිරිපිටදීම සාක්ෂාත්විය.”මෙය සත්‍ය සිදුවීමක් වන අතර මෙහි ස`දහන් නම් ගම්ද සත්‍ය වේ.
පවිත‍්‍රා බණ්ඩාරනායක

0 comments