Saturday, February 3, 2018

මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- අංක 03


මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- 03 **

එන ඕනෑම අවස්ථාවක ට මුහුණ දීමට අඩිය තදින් ග්‍රහණය කරගත් ඔහු පුෂ්පකුමාර සමග නිහඩව බලා සිටියේය. සතුරා ඉතා ආසන්නයට පැමිණ නතර වී සැරයන් චන්ද්‍රසිරිගේ උපක්‍රමවලට මුලාවී ඉදිරියට ඇදෙන්නට වූ කළ සැරයන් ජයකොඩි සහ පුෂ්පකුමාර සැනසුම් සුසුම් හෙළුවෝය. යුද්ධයේදී දක්ෂතාවය මෙන්ම වාසනාවද තදින් බලපවත්වයි.
සතුරන් මුලාවී ගිය පසු වටයක් කරකැවී ආපසු පැමිණි සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තම තුවාල ලත් සගයින් ළගට ගොස් තීරණය කළේ තනිවම ගොස් මිතුරු භුමියට ඇතුලු වී සියලු තොරතුරු මූලස්ථානය වෙත ලබාදී නැවත සහයක කණ්ඩායමක් සමග පැමිණ තම සගයින් බේරාගැනීමටය... ඔහු එසේ කළේ ඔවුන්ගේ සංඥා සම්බන්ධතාවය බිද වැටී තිබුණ නිසා ය..

මේ වන විටත් සතුරා එම ප්‍රදේශය දැඩිය ආරක්ෂා කරන බැව් දැන දැනත් තනිව කිලෝමීටර් 30 ක් පමණ සතුරු භුමිය තුළින් ගමන් කිරීම ඉතා අවදානම් සහගත මෙන්ම අති දුෂ්කර කාර්යයකි..
තම තුවාල වූ සගයන් දෙදෙනා කෝප්‍රල් සේනාධීරට භාරදී සැරයන් චන්ද්‍රසිරි පිටත් වූයේ තම සගයින් සිටින ස්ථානය GPS යන්ත්‍රයට කඩාගෙනය. ඒ යම් ආකාරයකින් තමා සතුරන්ට අසුවුවහොත් තම දත්ත මගින් තම සහෝදර සෙබළුන් සිටින ස්ථානය හදුනාගත නොහැකි වනසේ නියම දිගුදුර සොල්දාදුවෙක් සතු ආවේණික ක්‍රමෝපායන් යොදා ගනිමිනි..

සැරයන් චන්ද්‍රසිරි තමාගේ ජීවිතය තම මිතුරන් වෙනුවෙන් උකසට තබා පිටත් ව ගොස් පැයකට පමණ පසු ඒ දෙසින් වෙඩි හඩවල් කිහිපයක් ඇසෙන්නට විය..

"ඒ ගැහුවේ චන්ද්‍රසිරිට..." සැරයන් ජයකොඩි මිමිනුවේය..

කෙසේ වුවද අවසන් ලේ බිදුව දක්වාම සටන් කිරීම හෝ ඔහු තමාට පැවරී රාජකාරිය ඉටු කරන බැව් සැරයන් ජයකොඩි ස්ථීරව ම දැන සිටියේ ය. ඒ විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර වූ බැදීම හා සෑම සෙබළෙක් තුළම වු මනා පුහුණුව හා දක්ෂතාවය නිසා ය.

ඉතා අපහසුවේන වුව ද බලාපොරෙත්තු සහගතව ඔවුන් බලා සිටියෝ ය. ඒ හෙට දිනයේ තමන් බේරාගැනීමට සහෝදර සෙබළුන් එන බට සිත් තුළට කාවද්දාගෙන ය.

සෙමින් පළමු දවස ගෙවී ගියේ ය. දෙවන දින වනවිට ඔවුන් සතු ජලය අවසන් වී තිබූ නිසා මුත්‍රා පානය කළෝ ය. පිපාසය මදක් සන්සිදුණු මුත් ඉන් පසුව පිපාසය වැඩියෙන් දැනෙන්නට විය. මැස්සෝ හඩ නගමින් තුවාල කරා ඇදෙන්නට වූ විට පුෂ්පකමාර ඔවුන් එළවා දැමීමට මහන්සි නොගත්තේ ය. ඒ වනවිට තිබෙන ශක්තියත් වැයවේ යැයි සිතූ නිසා ය. කෝප්‍රල් සේනාධීර කොල අත්තක් රැගෙන මාරුවෙන් මාරුවට දෙදෙනාගේ ඇගේ වැසූ මැස්සන් එළවන්නට විය.

සැරයන් ජයකොඩි මැස්සන් එළවන් සේනාධීරට පැවසුවේ..

"සමහර විට චන්ද්‍රසිරි මැරිලා ඇති. අපි ගැන පණිවිඩයක් දෙන්න බැරි වෙන්න ඇති.. ඒ නිසා සේනාධීර දැන් යන්න. තුන්දෙනෙක් මෙතන මැරෙන එකේ තේරුමක් නෑ... වාසනාව තිබුනොත් ඔයාට අපේ ලයින් එකට යන්න පුළුවන්"

නමුත් සේනාධීර ගත් කටටම පැවසුවේ............
"සාජන් ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මං යන්නේ නෑ... මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙමු"

"කෝප්‍රල් මං කිව්වහම කෝප්‍රල් යන්න ඕනි... මං සාජන් මේක ටීම් කමාන්ඩර්. දැන්ම යන්න"ඔහු අණ කළේය..

"මං සජන්ගේ අතේ දුර මානයෙන් ඈත් වෙලා.. සාජන්ට මාව අල්ලන්න බෑ. මං යන්නේත් නෑ".. ඔහු ආදරයෙන් සිනාසෙමින් පැවසුවේය..
ආහාරද අවසන් වී තිබුණි තෙවන් දින ඇරඹෙන විට ඔවුන් ශාරීරිකව දුර්වල වූ අතර, බීමට මුත්‍රා ද නැතිවන තරම් පහළ මට්ටමකට ඇද වැටී සිටියහ.අනතුර සිදුවී තුන්වන දින දහවල ගෙවී යමින් තිබුණි. මේ අතර සැරයන් ජයකොඩි තම අවි සගවා අත්බෝම්බයක් පුපුරවාගෙන සතුරාට හසුනොවී මියයාමට තීරණය කරගෙන තිබුණි.
නමුත් ඔහුට තිබුණු බාධකය වුයේ අත්බොම්බය පුපුරන ශබ්දයට සතුරා පැමිණ බලා පුෂ්පකුමාරවත් සේනාධීරවත් රැගෙන යාමට ඉඩ තිබීම ය. පුෂ්පකුමාර ද මේ අදහසට කැමති නමුත් සේනාධීර එතැනින් එළවා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. දෙදෙනාම කෝප්‍රල් සේනාධීරට කැට මුගුරු වලින් ගැසුවෝ ය. නමුත් ඔහු නොවේ එතැනින් ඉවත් වූයේ.

"ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??"

ඔහු ශෝකයෙන් ඇසුවේය. "මං උඹලාගේ එකෙක් නෙවෙයි ද? ඔහු සේනාධීර වහා අවියේ ආරක්ෂක ඇණය පහළට දා අවිය බිම දැමුවේ හුරු පුරුදු මුහුනක් සිනාමුසුව.." තව ටිකකින් මටත් තියනවා නේද??" යි ඇසූ නිසාවෙනි.

ඔවුන්ගේ ඇස් වලට කදුළු ඉනුවේය...

ඔහු දුටු සහායට පැමිණි කණ්ඩය ද මොහොතකට ගොළු වූහ.

" කෝ සැරයන් චන්ද්‍රසිරි.?"

(සැරයන් චන්ද්‍රසිර වෙඩි පහරවල් කාගෙනම කැඩුණු අතත් එල්ලාගෙන මූලස්ථානයට පණිවිඩය ගෙන ගොස් තිබුණි)

"බයවෙන්න දෙයක් නෑ.. එයා හොදින් ඉන්නවා";

සහායක කන්ඩායම වහා ප්‍රථමාධාර ලබාදී ඔවුන් ආරක්ෂිතව විහිළු තහළු කරමින් මානසික සමබරතාවයද රදවා ගනිමින් අනාරක්ෂිත සතුරු භුමියේම ආරක්ෂිත තැනකට ගෙන ගොස් ගුවන් මගින් අනුරාධපුර රෝහලට යැවිණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සතුරු භුමියට ගොඩ බස්සවා තුවාල සිදුවූ සෙබළුන් රැගෙන ආ පළමු අවස්ථාව මෙය වන අතර, ‍විශේෂ බළකාය ට දැක්වූ ඇල්ම මෙන්ම විශ්වාසය මත මෙවැනි අවදානම් ගමනකට ඔවුන් ඉදිරිපත් විය.

අතුරුදහන් වු කෝප්‍රල් ප්‍රියන්ත දින දෙකකට පසු තනිවම මිතුරු භුමිය වෙත පැමිණ ක්ලාන්තව ඇදවැටී සිටියදී සොයා‍ගෙන තිබුණ්. සැරයන් චන්ද්‍රසිරි ද තම කැඩුණු අත උර මත එල්ලාගෙන සැරයන් ජයකොඩි හා කෝප්‍රල් පුෂ්පකුමාර බැලීමට රෝහලට ගියේ ය........
_නිමි_
"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා"

0 comments