Monday, February 12, 2018

'LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය(3 කොටස) !


'LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය(3 කොටස) !'
~මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්~
කොටි නායකයකු රැගෙන ගිය කැබ් රථය පුපුරුවා හැරිමෙන් පසුව ලලිත් ඇතළු පිරිස ක්ෂණිකව එක් රොක් වී පසු බසින්නට වුහ. මේත් සමගම අවට කඳවුරු වල ශබ්ධ විකාශන යන්ත්‍ර නතරවූ අතර තැනින් තැන වෙඩි හඬ ඇසෙන්නට විය. මුළු ප්‍රදේශයම මහත් කැළඹීමකට ලක්ව තිබිණි.
මේ අතර බිම හිඳගත් මිනිසුන් 6දෙනෙකි.
"සර් හෙඩ් ක්වාටස් එකට නේද කතා කලේ " සෙබලෙක් විමසිය.
"මට දැන් සෙට් 1න් CO කතාකළා කිව්වා ප්‍රාඩෝ එකේ ඉඳල තියෙන්නේ ප්‍රභාගේ දකුණු අත ශංකර් (කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි) කියල" ලලිත් සිනාසෙමින් පැවසිය.
"සර්.......... ආයෙත් කියන්න සර් .........ඒ ......." කටවල් විශ්මයෙන් ඇරිණි.
"තව මොනවද කියුවේ සර් ?"
"දැන්ම පල්ලෙහට බහින්න එපා කියුව. මග දිගට බ්ලොක්ස් දාල කියුව, පුළුවන් තරම් වෙස්ට් එකට ඇදල හැංගිලා ඉඳල එන්න කියුව "
තම අතින් මරු වැළඳ ගත්තේ එසේ මෙසේ ත්‍රස්තවාදියෙකු නොවන බව දැන ගත් පිරිස ලේ පිපාසිත කොටි නායකයකු දඩයම් කිරීම පිලිබඳ ඉමහත් සතුටට පත්විය. ඔවුන් තව තවත් උද්යෝගයෙන් පසුබසින්නට වුහ.
මෙවන් සිදුවීමකින් පසුව ඇතිවෙන තත්වය හොඳින් දැනගත් ලලිත් තම ගමන් මාර්ගය උපක්‍රමික ලෙස වෙනස් කරමින් තම ආරක්ෂක වළල්ල දෙස ගමන් කිරීම ඇරඹිය. සතුරු මුර සංචාර ,බාදක ,බිම් වේඩි ,මර උගුල් ඉතා සුක්ෂම ලෙස මගහරිමින් තම ලබා ඇති උසස් පුහුණුව අනුව මේ යුධ විරුවන් ආරක්‍ෂිත ස්ථාන කරා පසු බැස්සෝය.
වියරු වැටි සිටි සතුරන් තම බල ප්‍රදේශයට පැමිණ තම නායකයකු විනාශකළ කණ්ඩායම් සොයා ප්‍රදේශ පීරමින් සෙවුවද සලකුණක් හෝ සොයා ගැනීමට සතුරා අපොහොසත් විය. ඒ විශේෂ බළකා සාමාජිකයකු සතු සුවිශේෂ වූ පුහුණුව හා උපක්‍රමශීලි භාවය නිසාවෙනි.
දිගු දුර විහිදුන් සෙබළුන් "මහසොහොන් බලකාය " ලෙස හදුන්වන්නේද ඔවුන් පහර දුන් පසු කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරන බැවිනි. ප්‍රහාරයේ හානිය පමණක් දිස්වේ. එවන් විශ්මිත බලකායක් සතුවීම යුද හමුදාවට මෙන්ම රටට මහත් අභිමානයකි !
එදා රට වෙනුවෙන් මෙවැනි අතිශය අවදානම් ගමන් ගිය මියගිය ,ආබාදිත හා වර්තමානයේ සේවයේ නියුතු සියලුම වීර පුතුන් හට මෙය උපහාරයක් වේවා !
~ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ~
"අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා"

0 comments