Saturday, February 10, 2018

'LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය (2 කොටස)!'


'LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය (2 කොටස)
~මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්~
ඔවුන්ගේ ගමන්මග වැටි තිබුනේ ගන වනාන්තරයේ සතුරු ක්‍රියාකාරකම් සුලභව සිදුවන කඳවුරු ,ගම්මාන හා බිම් වෙඩි කෙත් මැදින්ය. නමුත් ඔහුගේ නායකත්වය තුල වූ යුද්ධයේ විශේෂ ප්‍රාගුණයය හා නිර්භිත හදවත නිසා සියල්ලෝම ඔහු කෙරේ විශ්වාසය තැබුවෝය.
බාදක නම් එමටය නමුත් විශේෂ බළකා සෙබළුන්හට පියවරක් හෝ පසු බැස්මට ඒවා ප්‍රමාණවත් නොවිය. ඔවුහු විමසිල්ලෙන් සමන් කලෝය. සතුරු ක්‍රියාකාරකම් මධයයේ සතුරාට නොදැනෙන ලෙස ඔවුන්ට ලංවීමට මේ දිගුදුර විහිදුම් කණ්ඩ වලට එතරම් අසීරු නොවිණි. ඒ සතුරු බිමේ රහසින් ජීවත්වීමේ කලාව ඔවුන් හොඳින් දැනසිටි නිසාවෙනි. දිරච්ච කොටයක් හෝ හරිත වර්ණ ගසක් නැත්නම් පඳුරක් බවට ඔවුන් නිමේෂයකින් පත්වේ.
පැය 24ක නිරීක්ෂණයකින් පසුව තවත් සතුරු ආරක්ෂක වළල්ලක් කරා ලඟාවීමට ඔවුන් සමත් විය. සැන්දෑ අඳුර වැටෙන විට ඇවිදින පඳුරු සතුරු ඇස් වලට වැලිගසා සතුරු ආරක්ෂක වළල්ලෙන් එපිට ඈත සතුරු භුමියේ අභ්‍යන්තරයට කිමිදෙන්න වුහ.
කෙමෙන් නැදුන්කර්නි පාර අසලට පැමිණ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුල එම මාර්ගය හරහා යාමට ඔවුන්ට රාත්‍රී බෝවෙනතෙක් සිටීමට සිදුවිය. මෙම ගමනේදී ඔවුන් කරාමත් වූ පැක් වල බර සුළුපටු නොවිය.දින 20සඳහා ආහාර ,ජලය ,වෙඩිද්‍රව්‍ය ,අවි ආයුද සමග කිළෝ 40 ඉක්මවූ බරක් ඔවුන්ගේ කරමත විය. නමුත් සිතේ පවතින බර නිසා විවේක ගැනීමට නොසිත්විය.මනා ඉවසීමකින් මානසික එකාග්‍රතාවකින් ඉදිරියට ඇදුනු ඔවුන් ඉදිරියේ මාන්කුලම් මුලතිව් මාර්ගයේ ඉදිරිකොටස විය.
ඉන්පසු ඔඩ්දුසුඩාන් පුදුකුඩුඉරිප්පු මාර්ගයෙන් කි මි 02 පමණ වනය තුලින් ගමන්ගත් ඔවුන් මෙහි දින 05ක් පමණ නැවති සිට තමාට අවශ්‍ය ආකාරයේ විශිෂ්ට ඝනයේ ඉලක්කයකට මාන බලමින් සිටියහ. මේ මහවිරු සතියයි හොඳ දඩයමක පෙරනිමිති දක්නට ලැබිණි. උදේ 10.00 පමණ වනවිට සිල්වර් පති ජීප් රථයක් පහල සතුරු කඳවුර වෙත පැමිණෙමින් තිබිණි.
''ඔය එන්නේ ලීඩර් කෙනෙක් එහෙම නැත්නම් ඔච්චර වේගෙන් එන්නේ නෑ "
ඔහුගේ අනුමානය නිවැරදි විය. කළු පැහැ විදුරු දැමු රථය වහන පෙළකට මැදින් පැමිණෙමින් තිබිණි.
"ඔන්න නියම බඩු, දැන් ගියාවාගේ අපහු එන්න ඕනේනේ එතකොට දෙමු කුඩුවෙන්න " ලලිත් පැවසිය.
"ඔන්න බඩු" ජීප් රථය සමුහ නාශක වෙඩි පසුකරනවත් සමගම පුපුරා හරිනු ලැබුවේ ගිනිජලාවක් නංවමිනි. පිපිරිම සතුරාගේ අධි ආරක්ෂක කලාපයම සෙලවීමට සමත් විය.
''බඩ් ඉක්මනට මාරුවෙමු. උන් දැන් ගහගෙන මේ පැත්තට එනවා .....ෂුවර් " ලුතිනන් ලලිත් පැවසිය. ඔහුගේ අනුමානය නිවරදිවිය.............

0 comments