Friday, February 9, 2018

LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය - ලිපි අංක 1

'

LTTEය සසල කල කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර් ගේ මරණය !'
~මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්~
"අදනම් ගොඩක් මහන්සි වෙන්න වෙන්න වෙයි, එකයි නැගිටින්න හිතෙන්නේ නැත්තේ" ලුතිනන්(එවකට) ලලිත් ජයසිංහ දෙඅතේ ඇඟිලි ඇට කඩමින් සිතීය. ''ඔහොම ඇඟිලි ඇට කඩන්න එපා ළමයෝ. කවදාහරි මුද්දක් දාන්න බැරිවෙයි " අම්මා හැමදාමත් කියනවා ඔහුට මතකය.
"මටම සේරම ලෑස්ති කරගන්න වෙයිද දන්නේ නෑ" ඔහු හිනැහෙමින් සිතුවේය. ඒ මේ වනවිටත් තම කණ්ඩය සුදානම් වී නොමැතිනම් ඔවුන් සුදානම් කිරීමට සිදුවන නිසාය.
ක්‍රියාන්විතයට අවශ්ය සියල්ල පෙරදා රැයෙහි සැළසුම් කෙරිණි. අද පිටත්වීමය. ඔහු එලියට බැස්සේය. ඔහුගේ කණ්ඩය පෙරගමන් පැමිණ සිටියෝය.
"ගුඩ් මොර්නින්ග් සර් "
"ගුඩ් මොර්නින්ග් සේරම ලෑස්තියි නේද ?"
"හැමදෙයක්ම සර් " ඔවුහු දයාබරව සිනාසුනෝය.
ලුතිනන් ලලිත් කවදත් ඒ දයාබර සිනාවට කැමතිය. තමන් සමග අපායට හෝ යාමට සුදානම් මේ කෙසඟ රැවුල්කාරයින්ගේ රැවුල්වලට යටින් ඇති මුහුණේ ප්‍රසන්න බවත් නිල ඇඳුමට වැසුණු පපුවේ ඇති සැබෑ හදවත් ඔහු හැඳින සිටියේය. ඔවුහු ගමන පටන් ගත්තෝය. සෑම අතින්ම සන්නද්ධවූ දිගු දුර විහිදුම් බලකායේ මේ අපුරු මිනිසුන් ඉමනින්ම ක්ෂිතිජ ඉමේ නොපෙනී ගියෝය.
ක්‍රියාන්විතය ආරම්භ ස්ථානයට පැමිණි ලලිත් කණ්ඩය ඇමතුවේය. බර ගැහුනු 'පැක්' බිම නොතබා ඔහු වටා රොක්වූ දයාබර සගයෝ ඔහුට අවධානය යොමු කලෝය. බැරෑරුම් ලෙස කටහඬ අවදි කල ඔහු ක්‍රියාන්විතයේ වටිනාකම ,කලයුතු ආකාරය පිලිබඳ කරුණු කාරණා පැහැදිලිව තම සගයන් හට පැහැදිලි කර දුන්නේ ජිවිතවල හා ක්‍රියාන්විතයේ වගකීම ඔහුසතු වූ බැවිණි.
ඉතා කුඩා අතපසුවීමකින් සියල්ල කණපිට හැරෙන්නට හැකිබව පසක් කොට සැබෑ නායකයෙකු හා රටට ආදරය කරන මේ මවුබිමේ සුජාත පුත්‍රයකු ලෙස ඔහු අවසානයේ "අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා" යන ගමනේදී මොනම හේතුවක් නිසාවත් අරමුණ සඵලකර නොගෙන පියවරක් හෝ පසුපසට නොතැබීමට උපදෙස් දුන්නේය.
නායකත්වය සඳහාම උපන් ඔහුගේ ඔහුගේ අණ පිළිපැදීමට ඔහු වෙනුවෙන් දිවිපුදන්නට හෝ මෙම සුදානම් මේ සෙබළුන් ඔහුගේ වචනයකට පිටින් නොයයි. ඔවුහුද මේ අපුරු මිනිසාට හදවතින්ම ආදරය කලෝය. එය විශේෂ බලකයටම අවෙනිකවූ සමීපතම වූ සංසිද්ධියකි.
පදවිය වනාන්තරයට ඇතුළුවන විට ඔවුහු එකිනෙකාගේ මුහුණු බැලුහ. කඳවුරේදී සිනහසෙමින් හඬින් කතා කරමින් සිටින ඔවුහු ක්‍රියාන්විතයේදී තම බලකායට උරුම රකුසුවෙස් ගෙන නිශ්ශබ්දව අඳුන් දිවියන් සේ නිහඬවම සෝදිසියෙන් ගොදුරු සොයා ගමන් ඇරඹුවෝය.
මතු සම්බන්දයි !

0 comments