Tuesday, February 6, 2018

කොටින්ට සිංහ තේජස පෙන්නූ කවුද මේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ?


කවුද මේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු කියන්නේ ?
වන්නි මානූෂීය මෙහෙයුමේදි ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බලකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදාගැනීමේ සටනට 591 බල සේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස සුවිශාල සේවයක කල විශිෂ්ඨ නිලධාරයෙකි. ඔහු දේශපාලන පත්වීම ලැබු අයෙක් කියන උදවියගේ දැන ගැනීමට.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ කොටි හිතවාදීන් ඉදිරියට ගොස් ශ්‍රී ලංකා ධජය පෙන්වමින් ඔවුන්ට සංඥාවක් කිරීම නිසා ශ්‍රී ලංකා රජය විසින් වැඩ තහනමට ලක් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වන්නි මානුෂීය මෙහෙයුමේ විශිෂ්ඨ සේවාවක නිරතවූ, මෙන්ම වන්නි දෙමළ වැසියන්ගේ පවා ගෞරවය දිනාගත් නිලධාරියෙකු බව වාර්තා වේ.
වන්නි මානූෂිය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බළකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදා ගැනීමේ සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු (එවකට ලුතිනන් කර්නල්) සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය
කොටි ත්‍රස්ත ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව්, මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙස ප්‍රකට වූ චරිතයක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතා ජාති භේදයකින් තොරව තම කදවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත්, කදවුරට එන ඕනෑම දෙමළ ජාතිකයෙකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ද ප්‍රකටය.
විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිට බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනමට ලක් කිරීම පිළිබදව “රිවිර“ පුවත්පතට අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරන්නේ වීඩියෝ පටයක් පලවූ පලියට හමුදා නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට හමුදාව කටයුතු නොකරන බවයි. ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා තීරණය කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටී.

ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය.
කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.
ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.
ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. එතරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක්ව තිබේ.
මේ අතර ලන්ඩන්හි ආරංචිමාර්ග කියා සිටින්නේ, අදාළ විරෝධතාවය අවස්ථාවේදී බ්‍රිගේඩියර්වයා මනා රාජ්‍යතාන්ත්‍රිකභාවයක් පෙන්නුම් කරමින් ක්‍රියාකළ බවයි. විරෝධතාවයේ යෙදී සිටින කොටි හිතවාදීන් ඉදිරියට ගොස් කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඔහු කටයුතු කළ බවත්, කොටි හිතවාදීන් ඔහුට පරුෂ වචනයෙන් බැණවදිමින් ගැටුමකට පොළඹවාගැනීමට උත්සාහ කර ඇති බවත්, ඒ අවස්ථාවේදී බ්‍රිගේඩියර්වරයා සිය නිළ ඇදුමේ වූ ශ්‍රී ලංකා ජාතික ධජය “අපේ දේශය ඊළාම් දේශය“ යැයි කෑ ගසමින් සිටි කොටි හිතවාදීන්ට පෙන්වමින්, සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යැයි අගවා සිටි බව සහ ඊළම ඉල්ලූ ත්‍රස්තවාදීන්ට අත්වූ ඉරණම පිලිබදව පෙන්වා දුන් බවත් එම ආරංචි වැඩිදුරටත් කියා සිටී.
සමාජජාලවල පලවූ වීඩියෝවේ දැක්වෙන්නේ බ්‍රිගේඩියර්වරයා අතින් සන් කල එම රූපරාමු පමණක් බවත්, එම වීඩියෝව පමණක් බලා එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිදව දැඩි ලෙස කණගාටුවට පත්වන බවත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් කියා සිටී.
උපුටා ගැනීම Colombo Today
Update
 LTTE හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත යළි ස්ථාපිත කළ බව සතුටින් දැනුම් දෙමි. මේ සම්භන්ධයෙන් ජනාධිපතිවරයා ස්වල්ප මොහොතකට පෙර යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ අතර, එකී රණවිරුවාගේ ආරක්ෂාව සම්භන්ධයෙන් ලක් රජය සෑම පියවරක්ම ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී නියෝග නිකුත් කර ඇත

0 comments