Saturday, October 28, 2017

ලෝකයේ ඇතැම් රටවල් අදටත් විශ්වාස කරන නොපෙනෙන බලවේග ආකර්ෂනය වන නොකල යුතු ක්‍රීඩා...


ලෝකයේ ඇතැම් රටවල් අදටත් විශ්වාස කරන නොපෙනෙන බලවේග ආකර්ෂනය වන නොකල යුතු ක්‍රියාවල් හා ක්‍රීඩා...
ඉස්සර අපේ රටේ හිටපු මුතුන්මිත්තො යකුන් බැදගෙන වැඩගත්ත කතා අපි ඕන තරම් අහල ඇතිනෙ එහෙම වැඩ අරන් පොඩ්ඩ වැරදුනාම ඒ යකැදුරාගෙත් ජීවිතේ ගහල ගිය කතාත් ඕනැ තරම් අහන්න තියනව.
ඒ වගේ තමයි ලෝකයේ ඇතැම් රටවල් වල අදටත් අමනුෂ්‍ය බලවේග ආකර්ෂනය වන ක්‍රියාවල් සහ ක්‍රීඩා තිබෙන බවට විස්වාසයක් තියන ඉන් කිහිපයක් තමයි මේ සදහන් කරන්නෙ
මේ ක්‍රියා මා අත්දැක නැති අතර හුදෙක් අන්තර්ජාල ආශ්‍රයෙන් උකහා ගත් කරුණු වේ..
1. උයිජා පුවරුව
අකුරු ඉලක්කම් සහිතව නිර්මානය කරගන්නා ලද මෙම පුවරුවට ඇතැම් අමනුශ්‍ය බලවේග කැදවාගන්නට හැකියාවක් පවතින බව සදහන් ඇතමුන් මලවුන් කැදවා තමන්ට ඇති ප්‍රශ්ණ ඔවුන්ට ඉදිරිපත් කර පිලිතුරු ලබා ගත්තත් මෙය බෙහෙවින් භයානක වනුයේ එම පැමිනෙන බලවේගය මෙය හසුරවන්නාට විපත් කරන්නට පෙළබෙන බව සදහන් වනවා



2. බ්ලඩි මේරි
ඉතා අදුරු මෙන්ම පාලුවට ගිය නිවසකට හෝ කාමරයකට ගොස් කණ්ණාඩිය ඉදිරියේ බ්ලඩි මේරි යනුවෙන් කිහිප විටක් පැවසීමෙන් මෙකී නම් සදහන් ආත්මය ඉදිරියට පැමිනෙන බව ඇතැම් රටවල විස්වාසයක් පවතිනවා,මෙම ක්‍රියාවේ ඇති අවදානම නම් මෙකී පැමිනෙන ආත්මය කැදවන පුද්ගලයාට අනතුරක් සිදු කිරීමට උත්සහ දැරීම බව සදහන් වනවා
3. වන් මෑන් හයිඩ් ඇන්ඩ් සීක්
හිටෝරි කකුරෙන්ඩෝ නමින්ද හදුන්වන මෙය ජපන් ජාතිකයන් විසින් සිදුකරන ලද මලවුන් හෝ අමනුශ්‍යයන් ගෙන්වන ක්‍රියාවක්.. ඔබේ නියපොත්තකින් කුඩා බෝනික්කකු තුලට සහල් පුරවා රතු නූලකින් එම හිඩැස වසා වැඩි නූල් කොටස බෝනික්කාගේ ඇග වටා ඔතා වතුර පිරවූ බේසමකට එම බෝනික්කා දමා නිවසේ සියලු විදුලි පහන් නිවා දමා ටික වේලාවක් එම ස්ථානය තනි කර නැවත පැමින බලන විට බෝනික්කා අතුරුදන් වී නම් මලගිය ආත්මයක් බෝනික්කා තුලට පැමින ඇති බවට ජපන් ජාතිකයන් විස්වාස කරඇත .

4. සෝපාන ක්‍රමය
මෙය තට්ටු දහයක් ඇති වැඩි ජනයා නොගැවසෙන ගොඩනැගිල්ලක සෝපානය යොදාගෙන කොරියාව තුල සිදු කරන ක්‍රීඩාවක් බව සදහන්..තනිව සෝපානයට ඇතුල් වී පිලිවෙලින් 4.2.6.2.10.5 ලෙස බොත්තම් එබූ විට 5 වෙනි මහලෙන් කාන්තාවක් ඔබේ සෝපානයට ගොඩ වූයේ නම් විශ්වාසයන්ට අනුව එම කාන්තාව ඔබ වෙනත් අදුරු ලොවකට ගෙන යයි.නැවත පැමිනීමට නම් එම අංක පෙර පරිදිම එබිය යුතු බව සදහන්
5. අදුරු තැනක සැගවී අත්පුඩි ගැසීම
ඉතාමත් අදුරු පාලු ස්තානයක සිට තනිව සෙමින් අත්පුඩි ගැසීමෙන් ඒ අවට සිටින නොපෙනෙන බලවේගද එලෙසම පෙරලා අත්පුඩි ගසන බව ඇතම් රටවල විස්වාසයක් පවතිනවා,විශාල නිවෙසක් තුල මෙය සිදු කිරීමෙන් ප්‍රතිපල ලබා ගත හැකිබව සදහන්
ඇතැමෙකුට මෙහි විකාර රූපී ස්වභාවයක් පෙනුනත් අපට මෙහි ඇත්ත නැත්ත හරියටම පැහැදිලි කල නොහැක කෙසේ වෙතත් අප තේරුම් ගත යුතු එක දෙයක් නම් අදටත් විද්‍යාවටවත් හෙලි කර ගත නොහැකි යම් දේ ඇති බවත් බටහිර ලෝකයා මෙවන් ඇතැම් ගුප්ත දේ තාක්ෂණය මගින් හෙළිකරගෙන ඇත්ත නැත්ත ලෝකයට හෙලිකර ඇති බවය

0 comments